නාමල් ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය යළි කල් යයි

හිටපු ඇමති නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (28) නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැප්තැම්බර් මස 14 වනදා සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසිද නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට හිටපු ඇමති නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් පාලන සමයේ එම නඩුව ගොනුකර තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්