රඹුක්කනදී පසුගිය 19 වනදා අළුයම සිටි පැවති ඉන්ධ මිල ඉහළයාම පිළිබඳ විරෝධතාවයේදී සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ අධිකරණ නියෝගය තවමත් පොලිස්පතිවරයාට ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසයි.
රඹුක්කන පැවති එම විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ චමින්ද ලක්ෂාන් නැමැති දෙදරු පියෙකු ජීවිතක්ෂට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබීය.
එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරනය හමුවේ කැඳවූ අවස්‍ථාවේ, මහෙස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාට නියෝග කළේ, එම සිද්ධියට සම්භන්ධ සියලුම පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලෙසය.
0










