ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස තාවකාලිකව වර්ගීකරණය කරන ලෙසත්, යුක්රේනයට මෙන්ම ශ්‍රී ලංකාවටද හදිසි ණය ආධාරයක් ලබා දෙන ලෙසත් ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අඩු ආදායම්ලාභී රටක් දක්වා වර්ගීකරණය පහත හෙළීම, ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු වීම සඳහාත්, මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහා බහු පාර්ශවික සහාය ලබා ගැනීමටත් උදව් වනු ඇතැයි ඇය පවසා ඇත.
ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මෙම නිර්දේශ ඉදිරිපත් කළේ, පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග පැවති සාකච්ඡාවලදී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව ඩොලර් නොමැති වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අපොහොසත්ව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමා ඒ අනූව ශ්‍රී ලංකාවට උදව් කළයුතු බවට සීතාරාමන් වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.










