මෙරට පැවති යුධමය ගැටුම් අවසන් කිරීමෙන් පසුව ගෙවී ගිය වසර 10 තුළ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් ට්‍රිලියන් 03කට (කෝටි ලක්ෂ 03කට) අධික මුදලක් අයවැය මගින් වාර්ශිකව වෙන් කර ඇති අතර එතරම් අතිවිශාල මුදලක් වැය කළ ආකාරය පිළිබඳව බරපතල ගැටළු මතු වී තිබේ.
යුද්ධය නිමා කර 2009 වර්ශයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 21,222ක් වෙන් කර තිබිණි. ඒ අනුව යුද්ධ භූමියේදී සංග්‍රාමික අවි වෙනුවෙන් සහ අනිකුත් කටයුතු වෙනුවෙන් තත්පරයකට රුපියල් 6,729ක් වැය කර ඇත. නමුත් 2010 වර්ශයේ සිට එම ආරක්ෂක වියදම් ක්‍රමක්‍රමයෙන් වැඩි කර ඇති අතර මහින්ද රාජපක්ෂ පාලනය නිමා වූ 2014 වර්ශයේදී රුපියල් කෝටි 27,702ක් වී තිබිණ. එනම් අතිවිශාල මුදලක් වැය කෙරෙන සංග්‍රාමික අවි භාවිතා නොකරන මට්ටමක් තුළ තත්පරයකට රුපියල් 8,724ක් දක්වා ඉහළ වියදමක් දරා ඇත.
යුද්ධයක් නොමැති පසුබිම තුළ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මෙන්ම රනිල් මෛත්‍රී පාලනය යටතේද වාර්ශිකව ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් වැය කර ඇති මුදල් පිළිබඳ විස්තරය පහත දැක්වේ.
2010 – රුපියල් කෝටි 21,391යි.
2011 – රුපියල් කෝටි 24,156යි.
2012 – රුපියල් කෝටි 23,857යි.
2013 – රුපියල් කෝටි 27,410යි.
2014 – රුපියල් කෝටි 27,702යි.
2015 – රුපියල් කෝටි 29,679යි.
2016 – රුපියල් කෝටි 27,053යි.
2017 – රුපියල් කෝටි 27,858යි.
2018 – රුපියල් කෝටි 28,275යි.
2019 – රුපියල් කෝටි 37,255යි.
2020 – රුපියල් කෝටි 27,579යි.
මූලාශ්‍ර – ශ්‍රී ලංකා මහ බැංකු වාර්ශික වාර්තා










