ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් දියත් කර තිබෙන උද්ඝෝෂණ මාලාවේ තවත් පියවරක් ලෙස අද ක්‍රියාත්මක වන සමස්ත මහා වැඩවර්ජනයෙන් රටේ සියලුම කටයුතු නැවතී ඇති බවට තොරතුරු වාර්තා වේ.
අද (28) උදෑසන සිටම දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර ලංගම සහ පෞද්ගලික බස් සීමිත ප්‍රමාණයක් කෙටි දුර ධාවනයේ යෙදවෙමින් පවතී. මේ අතර රාජ්‍ය අංශයේ 99%කට වැඩි සාර්ථකත්වයකින් වරජනය ක්‍රියාත්මක වන අතර පෞද්ගලික අංශයේ 80%ක් පමණද වතු අංශයේ 100%ක්මද වැඩවර්ජනයට සහභාගී වී සිටිති.
ඇතැම් නගරවල කඩ සාප්පු පවා වසා දමා මෙම වැඩ වර්ජනයට සහයෝගය පල කර ඇත.
1










