කතානායක පක්ෂ නායකයින් කැඳවයි – ජනාධිපති පොහොට්ටු නායකයින් කැඳවයි

කතානායක පක්ෂ නායකයින් කැඳවයි – ජනාධිපති පොහොට්ටු නායකයින් කැඳවයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙන්ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් අද දිනයේ පක්ෂ නායක රැස්වීමේ දී අවධානය යොමුකිරීමට නියමිත ඇතැයි වාර්තා වේ.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පොදු ජන පෙරමුණ නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් සමඟ සාකච්ඡාවක් හෙට (29) පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට මෙලෙස පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්