ඉන්ධන ලීටර් 33,000ක් සහිතව කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් පොළොන්නරුව ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් වරාය නගරයෙන් මතුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පසුගිය 25 වැනි දින ඉන්ධන රැගත් මෙම බවුසරය පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝලක් වෙත රැගෙන යාමට සැලසුම් කර තිබූ අතර එය වෙනස් කරමින් කොළඹ වරාය නගරය වෙත ඉන්ධන බවුසරය ගමන් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට තොරතුරු වාර්තා වීමත් සමඟ වරාය පොලීසිය දැනුවත් කර ඇති අතර අදාළ බවුසරය කොලොන්නාව පර්යන්තයට යොමු කිරීමට වරාය පොලීසිය කටයුතු කර තිබේ.
මේ වනවිට අදාළ ඉන්ධන බවුසරය කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම වෙතට ගෙන්වා ගෙන ඇති අතර පොළොන්නරුව ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් කොළඹ වරාය නගරයට රැගෙනයාම සම්බන්ධයෙන් කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම්වල පැය ගණන් මාරාන්තික අරගලයක නිරත වී සිටින අවස්ථාවක මේ අයුරින් ඉන්ධන බවුසර් පිටින් වෙනත් පාර්ශව වෙත යොමු කිරීම තත්වය තව තවත් අර්බුදයට යවනු ලබයි.










