ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ‘සිස්ටම් චේන්ජ්’ එකක් සඳහා යැයි කියමින් පත්කරන ලද ඇමති මණ්ඩලයට අද (28) වනවිටද විශයපත ගැසට් කර නොමැත.
මෙම තත්වය නිසා අදාල කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අදාල දෛනික කටයුතු කරගෙනයාමට නොහැකි වී තිබේ. එම තත්වයටත් වඩා අදාල රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් සහ කාර්යමණ්ඩලවලට පැවරී තිබෙන කටයුතු මුළුමනින්ම බිඳ වැටී ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කෙරමින් මහජන උද්ඝෝෂණ පැන නැගීමත් සමග ජනාධිපතිගේ ඉල්ලීම අනුව අගමැතිවරයා හැර කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු ඉල්ලා අස් වී නව අමාත්‍ය මණ්ඩලයක් පත්කරගනු ලැබීය. මෙම ඇමති මණ්ඩලය පත් කළේ පසුගිය 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේ වටපිටාව සකසා ගැනීම සඳහාය.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ඇමති මණ්ඩලය පිළිනොගත් අතර ඇමති මණ්ඩලයට අදාල විශය පත ගැසට් කිරීම දින 10කට වඩා මේ වනවිට ප්‍රමාද වී ඇත.










