හිටි හැටියේ කෘෂි රසායනික පොහොර සහ වල්නාශක කෘමි නාශක ඇතුළු රසායනික පලබෝධ නාශක ද්‍රව්‍ය, ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් තහනම් කර වසරක් පිරෙන අතර එම තහනම නිසා කෘෂිකර්මාන්තය 45% ඉක්මවූ ප්‍රමාණයකින් බිඳ වැටී ඇති බව මේ වනවිට සනාත වී ඇත.
ජනාධිපතිගේ අත්තනෝමතික තීරණය නිසා කෘෂිකර්මාන්තය බිඳවැටීමෙන් පසුව රසායකින පොහොර ඇතුළු යෙදවුම් ආනයනයට අවසර ලබා දුන්නද මේ වනවිට යූරියා කිලෝ 50ක් රුපියල් 40ස් දහස තරම් අති විශාල මිලකට ඉහළ නැග තිබේ. එමෙන්ම 2020 වසරේදී රට මුළුමනින්ම සහලින් ස්වන්පෝෂිතව තිබූ අතර එම වසරේ වී අස්වැන්න මෙරට සහල් පරිභෝජන අවශ්‍යතාවයෙන් මාස 17ක් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් විය.
එහෙත් 2022 වසරේ මාස් කන්නයේ වී අස්වැන්න ලැබෙන අතර සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා විදේශයන්ගෙන් මේ වනවිටත් ආනයනය කෙරෙමින් පවතී. 2020 වසරේදී ජාතික ආදායමට කෘෂිකර්මාන්තයෙන් රුපියල් කෝටි 94,600ක පමණ දායකත්වයක් ලබා දී තිබිණි. එහෙත් 2021 වසරේදී එය රුපියල් කෝටි 50,000කට ආසන්න ප්‍රමාණයකින් බිඳවැටී ඇත. ඊට අමතරව චීනයේ කින්ඩාවෝ සමාගමෙන් පොහොර ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් මිලියන 6.7ක වන්දි ගෙවූ අතර ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් පොහොර ගුවනින් ආනයනය කිරීම සඳහා අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් වැය කරනු ලැබීය.
වසකට පසුව කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ වීම සම්බන්ධයෙන් ජනාධිපති ව්‍යාජ ප්‍රකාශයක්ද කරනු ලැබීය.










