අනූෂා සොනාලි අභාවප්‍රාප්තවෙයි

අනූෂා සොනාලි අභාවප්‍රාප්තවෙයි

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඇය ඊයේ (27) රාත්‍රීයේ හදිසියේම කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි. අභාවප්‍රාප්ත වී ඇත්තේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඇය අද (28) උදෑසන අභාවප්‍රප්ත වු බව කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන තහවුරු කරයි.

විසිදැල, ලොකුදුව, දරු උපත ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වු අනුෂා සොනාලි මහත්මිය මියයන විට 47 වැනි වියේ පසුවුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්