දකුණු ආසියාවේ රටක් වන පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එරට ජනතාවට ලබා දෙන ඉන්ධන සහනය ගැන කතා කර තිබේ.
එහි සඳහන් වන්නේ, පකිස්ථානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ (Federal Board of Revenue) පෙබරවාරි මාසයේ ආදායම පකිස්ථාන රුපියල් බිලියන 441ක ඉලක්කය ඉක්මවා ගොස් ඇති බවය.
ඔහු සඳහන් කර ඇත්තේ, රජය ලැබූ එම වාර්තාගත ආදායම මගින් පෙට්‍රල්, ඩීසල් සහ විදුලිය සඳහා පකිස්ථාන ජනතාවට සහනාධාර ලබා දෙන බවය.
ඒ හරහා පකිස්ථාන ජනතාවට සහනයක් සැලසීමට තමන් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.
“FBR has successfully knocked down Feb revenue target of Rs. 441 billion, posting robust growth of 28.5 percent, and up to the month growth of over 30 percent. Because of this performance of FBR we are able to subsidise petrol, diesel and electricity and give relief to our people.
— Imran Khan (@ImranKhanPTI) March 2, 2022″
මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල කිහිප වරක් ඉහළ දමා ඇති අතර ඉහළ මිලක් ගෙවා වුවද මිල දී ගැනීමට ඉන්ධන ප්‍රමාණවත් තරම් රට තුළ නැත.
ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වී ඇත්තේ මෙරට පවතින ඉන්ධන අර්බුදයේ බරපතළකම කියා පාමිනි.
ඉන්ධන නොමැති හෙයින් මේ වනවිට දිනකට පැය හත හමාරක විදුලි කප්පාදුවක්ද අත්විඳිමින් සිටිමු.











