අද (2) ලෝක වෙළඳපොලේ බොරතෙල් තෙල් මිල බැරල් එකක් ඩොලර් 108ත් 110ත් අතර මිලක පවතින බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 109.83 වී ඇති අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 108.10 වී තිබේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30ක් ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කර තිබේ.
ඒකාබද්ධ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) රැස්වීමකින් පසුව රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් අහස උසට නගින බොරතෙල් බැරලයක මිල පාලනය කිරීම සඳහා සාමාජික රටවල් 30ක් විසින් තම අතිරේක බොරතෙල් සංචිතවලින් බොරතෙල් බැරල් මිලියන 60ක් ලෝක වෙළඳපොල වෙත නිදහස් කිරීමට එකඟ වී ඇත.
2










