යළිත් සෞඛ්‍ය සේවක වර්ජනයක්

යළිත් සෞඛ්‍ය සේවක වර්ජනයක්

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද (02) සහ හෙට (03) යන දෙදින තුළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එකඟ වූ ඉල්ලීම් පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් දිවයින පුරා රෝහල්වල එම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් මීට පෙර සෞඛ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එය තාවකාලිකව නතර කිරීමට ඔවුන් තීරණය කරන ලදී.

කෙසේවෙතත් අත්හිටවූ වර්ජනය අද දිනයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්