කාදිනල් හිමි සහ පාප්තුමා අතර වූ සාකච්ඡාව ගැන ජේ.ඩී ඇන්තනී හිමිපාණෝ කියති

කාදිනල් හිමි සහ පාප්තුමා අතර වූ සාකච්ඡාව ගැන ජේ.ඩී ඇන්තනී හිමිපාණෝ කියති

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට, ශ්‍රී ලංකාව තුළදී කොතෙක් දුරට සාර්ථක කරගැනීමට හැකිවේ දැයි සැකයක් මතුව ඇති බැවින්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාප්තුමන් වෙත කරණු දැක්වූ බව කොළඹ සහායක රදගුරු, අතිඋතුම් ජේ.ඩී ඇන්තනී හිමිපාණෝ පවසති.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සැබෑ ලෙසම හඳුනාගෙන ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අදාළ පාර්ශ්ව දක්වන උදාසීන බව පිළිබඳවත් කදිනල් හිමියන් විසින් පාප්තුමන්ගේ අවධානයට යොමු කරනු ඇති බවද ඇන්තනී හිමියෝ පවසති.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (28) පස්වරු 3.00ට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් වතිකානුවේදී අතිඋතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මුණ ගැසිණි.

වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් පාස්කු ඉරිදාප්‍රහාරයේ සත්‍යය තවමත් හෙළිදරව් කරගැනීමට නොහැකි වීම පිළිබඳවත් ඒ සඳහා ලාංකික කතෝලිකයන් ගෙන යන අරගලය පිළිබඳවත් මේ දක්වා කතෝලික සභාව ගෙන ඇති විවිධ පියවර පිළිබඳවත් කාදිනල් හිමියන් විසින් පාප්තුමන්ව දැනුවත් කර ඇති බවද ඇන්තනීහිමියෝ සඳහන් කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්