මේ වනවිට රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල අසළ පාරිභෝගික ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයන් හට ගැනීම නිසා එහි ආරක්ෂාවට පොලීසිය යෙදවීමට සිදුව ඇති බව වාර්තා වේ.
මෙලෙස අද (01) ආණමඩුව සමුපකාර ඉන්ධන හලින් ඩිසල් ලබා ගැනිමේදි පැමිණි පිරිස් අතර ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිසිය යෙදවිමට කටයුතු කර තිබුණි.
සීමිත ඉන්ධන ප්‍රමාණයක් ඉන්ධන හල් වෙත ලැබිමත් සමග එය ලබා ගැනිමට පැමිණි වාහන හිමිකරුවන් විශාල පිරිසක් අතර උණුසුම් තත්වයක් මතුව තිබී ඇත.
ඇතැම් පිරිස් පවසා සිටියේ තමන් අලුයම සිට පැය පහකට ආසන්න කාලයක් තම වාහන නවතා තබමින් පෝලිම්වල රැදි සිටිමට සිදුවු බවයි. එසේ තිබියදි ඇතැම් අවස්ථාවල ඩිසල් ලබා දීමේදි ගැටළුකාරි තත්වයක් මතුවු බවද ඩිසල් ලබා ගැනිමට පැමිණි පිරිස් චෝදනා කරති.
මේ හේතුවෙන් ඇතිවු උණුසුම් තත්වය පාලනය කිරීමට ආණමඩුව පොලිසියේ නිළධාරින් පිරිසක් කැදවා පොලිස් ආරක්ෂාව යටතේ ගැටළුවක් ඇති නොවන ලෙස ඩිසල් ලබා දිමට කටයුතු කර තිබේ.














