ඉන්ධන හිඟය; ක්ෂේත්‍ර රැසක් අඩපනවෙයි…

ඉන්ධන හිඟය; ක්ෂේත්‍ර රැසක් අඩපනවෙයි…

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මහජනතාවගේ එදිනෙදා වැඩ කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ලවී තිබෙන අතර ක්ෂේත්‍ර රැසක් අඩපන වී තිබේ.

ඉන්ධන හිඟය හමුවේ මේ වනවිට පුද්ගලික මගී ප්‍රවාහන රථ සැලකියයුතු ප්‍රමාණයක් නතර වී අතර අතර ඉන්ධනහල් අසළ අදත් දිගු පෝලිම් දක්නට ඇත.

ඉන්ධන හිඟය හේතුවෙන් සිය ප්‍රවාහන කටයුතු සහ රැකියා කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇති බව ජනතාව පවසති.

දොඩන්දූව ධීවර වරායේ ධීවරයින් පවසන්නේ ඩීසල් හිඟය හේතුවෙන් දෛනිකව ධීවර බෝට්ටු 30ක් පමණ මුහුදු යාමෙන් වැළකී සිටින බවය.

මේ අතර, එළවළු ලොරි සඳහා ඩීසල් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් කොළඹට එළවළු ලොරි පැමිණීම අඩුවී ඇති බව වෙළෙන්දෝ පවසති.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පවසන්නේ මේ වනවිට එළවළු ගෙන එම 50%කින් පමණ අඩු වී ඇති බවය.

මේ අතර ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේ අක්කර 300ක් පමණ වු කුඹුරුවල අස්වනු නෙලීම ආරම්භ වී ඇතත් පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අස්වනු නෙලීම නවතා දැමීමට සිදුව ඇති බව ගොවින් පවසයි.

Facebook
Twitter
LinkedIn