හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මහා ශිව රාත්‍රි දිනය අදට (01) යෙදී තිබේ.
අඳුර දුරු වී ආලෝකය ලබා ගැනීම සඳහා ශීව දෙවියන් සිහි කරමින් උපවාසයේ යෙදෙන හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට පුද ජූජා පැවැත්වීම අද දිනයේ සිදුකරනු ලබයි.
හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනය වන අතර හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට (02) උදෑසන දක්වා ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.
හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
12










