ඉන්දියාව එක්ක විස්සයි විස්ස තරගාවලිය පරාද වුනා.
ඊට කලින් තිබුන ඕස්ට්‍රේලියානු තරගාවලියත් පැරදුනා.
ඔන්න ඉතිං දැන් ආයෙමත් තරග පරාජය වෙද්දි අපේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයින්ට බනින්න පටන් අරන් තියෙනවා. ප්‍රශ්න පිට ප්‍රශ්න මවනවා.
ඇත්තටම මට මේ පරාජයන් ගැන කිසිම කණගාටුවක් නැහැ…
මොකද ගියපාර ඕස්ට්‍රේලියානු සංචාරයට වඩා හුගාක් හොදට අපේ ක්‍රීඩකයින් මේ පාර ඕස්ට්‍රේලියානු සංචාරය ක්‍රීඩා කරලා නිමා කරා.
එතකොට ඉන්දියාවට ගිහින් වෙනත් රටක් තරගයක් දිනනවා කියන්නේ ඒක ලේසි කෙලියක් නෙමෙයි.
මේ අවුරුද්දේ ඉන්දීය කන්ඩායම නවසීලන්තය, කොදෙව්වන් සහ ශ්‍රි ලංකාව කියන රටවල් තුනම වයිට්වොෂ් කරා. ලෝකේ අංක එකේ කන්ඩායම එක්ක ක්‍රීඩා කරලා අපේ කොල්ලෝ ලබපු මේ පරාජය ගැන හිතේ කිසිම දුකක් නැහැ…
හැබැයි ප්‍රශ්න ටිකක් ඉතුරු වුනා.
ඒ අපි පරාජය වුනු හින්දා නෙමෙයි !
මේ ක්‍රීඩකයින් මේ තරගාවලි දෙකටම ගියේ නිත්‍ය පුහුණුකරුවන් නොමැතිව.
නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙක් නැහැ. නිත්‍ය පිතිකරන පුහුණුකරුවෙක් නැහැ. නිත්‍ය වේග පන්දු පුහුණුකරුවෙක් නැහැ… ඇනලයිසර් කෙනෙක් නැහැ…
රුමේෂ් රත්නායක තාවකාලික පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරා. මාලිංග ඕස්ට්‍රේලියානු සංචාරයට විතරයි. ඉන්දියන් එකට කවුරුත් නැහැ…
මෙහෙම සූදානමක් නැතුව අපේ ක්‍රිකට් එක මේ යන්නේ කොහේටද ????
චමින්ද වාස් ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු විදිහට කටයුතු කරද්දි ඇත්තටම හොද දේවල් ටිකක් වුනා. ඒත් එයාව අත හැරියා. මිකී ආතර් ගිහින් දැන් තරගාවලි කිහිපයක් මිස් වුනා. තාමත් නිත්‍ය පුහුණුකරුවෙක් නැහැ…
මේ ප්‍රශ්න ඔහොම තියෙද්දි මහේල ජයවර්ධන ශ්‍රි ලංකාවේ ක්‍රිකට්වල පුහුණු උපදේශකවරයෙකු ලෙස නම් කරා. ඇත්තටම මහේල කියන්නේ හොද ක්‍රිකට් මොලයක් ! හැබැයි එයාගේ රාජකාරි එක්ක එයා කැමති වුනේ නැහැ පුහුණුකරුවෙක් වෙලා වගකීම් ඇගට දා ගන්න. ඒත් කමක් නැහැ… ඒත් උපදේශකවරයෙක් සහ පුහුණුකරුවෙක් එකට වැඩ කරද්දි හැම වෙලාවෙම උපදේශකවරයා කියන තීරණ ක්‍රියාත්මක කරන්න පුහුණුකරු කැමති නොවෙන්න පුළුවන්. මොකද කන්ඩායමේ වගකීම තියෙන්නේ පුහුණුකරු අතේ. ඉතිං මහේලට ලංකාවේ ක්‍රිකට් හදන්න ඕනි වුනා නම් එයාට තිබ්බා වගකීමක් අරන් ලංකාවේ හෙඩ් කෝච් වෙන්න. නිමා වුන ලෝක කුසලානයේ අපිට මහේල උපදේශකවරයෙක් වුනා කියලා ප්‍රශ්නයක් වුනේ නැහැ. මොකද මිකී ආතර් සහ මහේල හුගාක් සුහදව කටයුතු කරා.
ඒක එහෙමනම් දැන් මීලගට ලංකාවේ පත්වෙන හෙඩ් කෝච්ගේ බලන්න ඕනි පළවෙනි දේ තමයි එයාට මහේලගේ අදහස්වලට එකඟ වෙලා වැඩ කරන්න පුළුවන්ද කියන එක !
මොකද ඒක එහෙම නොවුනොත් මේක ආයේ අච්චාරුවක් වෙනවා.
මහේල දැන් දරණ නිලයත් එක්ක අපිට කරන්න වෙන්නේ එහෙම.
ඒකත් ටිකක් අමතක කරමු.
මහේල උපදේශකවරයෙකු ලෙස පත් වුනේ ඔය ඕස්ට්‍රේලියානු සහ ඉන්දීය සංචාරයට කලින්.
හැබැයි මහේල මේ ටීම් එකත් එක්ක වැඩ කරාද ?
උපදේශකවරයෙකු විදිහට මේ අය එක්ක හිටියද ?
මං දන්න තරමින් මහේල මෙයාලා එක්ක හිටියේ නැහැ.
හැබැයි මහේල පහුගියදා තිබුන අයි.පි.එල් ක්‍රීඩක වෙන්දේසියේ නම් ඉන්නවා දැක්කා.
ඇත්තටම මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන් හොද ක්‍රිකට් මොළයක් !
ඉතිං එයාගෙන් මේ ක්‍රිකට් එකට ලොකු සේවයක් ගන්න පුළුවන් !
එයාට එයාගේ උපරිම නිදහස දීලා තියෙද්දි එයා වර්තමානයේ අපේ ක්‍රිකට්වලට හරි සාධාරණත්වයක් ඉටු කරනවද කියලා ප්‍රශ්නයක්…!
ක්‍රිකට් කමිටුවක් පත් කරා. ඒ පත් කරේ මහේලගේ කමිටුවෙන්. ඉතිං ඒවා හොද දේවල් !
ඒ වගේම මහේල වර්ල්ඩ් කප් එකට අපිත් එක්ක එකතු වුනා. ඇත්තටම ඒකෙන් අපේ ක්‍රීඩකයින්ට හොද දේවල් ටිකක් ලැබුනා. ඒ වගේම එයා වර්ල්ඩ් කප් එකේ භාගයක් ඉදලා ආපහු ආවා. ඒත් මේ සෝෂල් මිඩියා එක එයාට බැක් කරා. මොකද මහේලට ටීම් එක අතහැරලා එන්න සාධාරණ හේතුවක් තිබ්බා. ඒ ඔක්කෝම හරි. ඒත් දැන් මහේල භාර අරන් ඉන්න මේ අලුත් ජොබ් එකට සාධාරණයක් කරනවද ?
මට අනුව නම් නිමා වුනු ඕස්ට්‍රේලියානු සංචාරය තමයි හරි නම් අපේ මීලඟ වර්ල්ඩ් කප් ටීම් එක ගහන්න ඕනි කන්ඩායම !
මොකද මීලඟ වර්ල්ඩ් කප් එක තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ. ඒත් අපි ක්‍රීඩා කරේ අපේ හොදම ටීම් එක එක්කද ? මහේල තියා අඩුම නිත්‍ය පුහුණුකරුවෙක්වත් හිටියේ නැතුව ගිහින් ගහලා ආවා.
කෝටි ගානක් දීලා ලංකාවේ ඩොමැස්ටික් structure එක හදන්න කියලා ටොම් මූඩිව අරන් ඉන්නවා. ඇත්තටම පිටරට කෙනෙක්ට ලංකාවේ ඩොමැස්ටික් එක හදන්න පුළුවන්ද කියන කාරණය ප්‍රශ්නයක් ! මොකද ලංකාවේ ක්‍රිකට් එක්ක හිටපු අපේ අයගෙන් මේ ඩොමැස්ටික් structure එක හදන්න බැරි වෙනවා නම් කොහොමද ලංකාවේ ක්‍රිකට් එක ගැන අපේ අයටත් වඩා නොදන්න විදේශීය කෙනෙක් හදන්නේ කියලා මට තාමත් ප්‍රශ්නයක් ?
ඒ කොහොම වුනත් ඔය පුහුණුකරුවන් නොමැතිව මේ ගියපු තරගාවලි වලට කලින් අපිට ටොම් මූඩිව හරි ගන්න තිබ්බා. කෝච් කෙනෙක් විදිහට හරි. කෝටි ගණන් සල්ලි යට කරලා නිකන් ඉන්නවට වඩා කෝච් කෙනෙක් විදිහටවත් එයාගේ දැනුම අපිට ගන්න තිබ්බා කියලා හිතෙනවා. අනික කන්සල්ටන් විදිහට මහේලටත් ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕනි මූඩි කියන්නේ ! ඒ හින්දනේ දැනටමත් මූඩි ලංකාවේ ඩොමැස්ටික් structure එක හදන්න භාර අරන් ඉන්නේ.
ඉතිං මේ හැමදේම පිට වෙන්නේ තේරිම් කමිටුව පිටින්.
දුර්වල රටක් තියෙද්දි දුර්වල ක්‍රිකට් පරිපාලනයක් තියෙද්දි මේ වෙන දේවල් සාමාන්‍යය දේවල් !!
තේරිම් කමිටුව වුනත් හරි කියන්නේ නැහැ මම… සමහර නොගැලපෙන තීරණ එයාලා ලඟ තිබ්බා. හැබැයි මෑතකදි හිටපු තේරිම් කමිටුවලට වඩා මං කියනවා ප්‍රමෝද්‍ය හොදයි කියලා.
එහෙම කියන්න හේතු තියෙනවා. දැන් හැමෝම බනින්න පුළුවන් භානුකගේ ප්‍රශ්නේ මතු කරගෙන.
භානුකගේ ප්‍රශ්නේ තේරිම් කමිටුවට වඩා ක්‍රිකට් පරිපාලනයට අදාල ප්‍රශ්නයක් ! ඒ නීති රාමුවට එන්න භානුකට බැරි නම් ඒකට මැදිහත් වෙන්න ඕනි ක්‍රිකට් කමිටුව, ශ්‍රි ලංකා ක්‍රිකට් එක !
මොනවා නැතත් මේ පාර වර්ල්ඩ් කප් එකේදී වෙනදා වගේ ක්‍රීඩකයින් අහසින් පාත් වුනේ නැහැ. කාටවත් ලොකු මාතෘකාවක් වෙන්න තරම් නරක විදිහට තේරිම් කරේ නැහැ…
ෆෝමැට් පැටලිල්ලේ ප්‍රශ්න නැතුවත් නෙමෙයි ! ඒ කොහොම වුනත් දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට අවස්ථාව දුන්නා. නිකන්ම එළියට විසි කරෙත් නැහැ…
ඒ වගේම සදකැන් වගේ අයට අසාධාරණකම්ද නොවුනා නෙමෙයි !
ඒත් දැන් වෙලා තියෙන්නේ මේ සේරම දේවල් තේරිම් කමිටුව පිටින් යන එක !
මහේලලා ගානට අත පිහදාගෙන ඉන්න එක !
ඒක එහෙම වෙද්දි අපේ කන්ඩායමේ ප්‍රශ්න ටිකකුත් ඉතිරි වුනා. ඒ තරග පරාජය නෙමෙයි.
අපිට දැන් නොම්බර තුන හතර ක්‍රීඩා කරන්න ඉන්නේ විස්සයි විස්ස කන්ඩායමේ අසලංක විතරයි. ඉස්සරහට කුසල් ජනිත් ආවාම ඒක හරියයි.
නොම්බර පහ ක්‍රීඩා කරන්න පුළුවන් කෙනෙක් කියලා ඉන්නේ භානුක විතරයි. ඒත් මේ වර්ල්ඩ් කප් එකට කලින් තියෙන්නේ ඕස්ට්‍රේලියානු තරගාවලිය සහ ආසියානු කුසලානය විතරයි. මේ දේවල් එක්ක භානුක ගැන ලොකු විශ්වාසයක් තියන්න බැරි ඔහු අසාර්ථක වෙයි කියලා නෙමෙයි. එයාට මේ ෆිට්නස් ටෙස්ට් එකත් එක්ක චාන්ස් එකක් ලැබෙයිද කියලා ශුවර් නැති නිසයි.
ඒ වගේම කුසල් ජනිත් ආවත් එයාගේ උරහිසේ ආබාධය එක්ක දිගටම වර්ල්ඩ් කප් එක වෙනකල් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයිද ආබාධ වෙයිද කියලා විශ්වාස කරන්න බැහැ…
අපිට ලෝක කුසලානය ක්‍රීඩා කරන්න පුළුවන් කන්ඩායමක් දැන් ඉන්නවා. හැබැයි තාමත් බැකප් ප්ලෙයර්ස්ලා ටිකක් අපිට නැහැ… නොම්බර තුන හතර ගහන්න කුසල් ජනිත් නැත්තම් වෙන කවුද ඉන්නේ ?
නොම්බර පහට භානුක හැර වෙන විසදුමක් නැද්ද ?
ඇන්ජලෝ කියන්නේ ඕසි පිච්වල හොදට ප්ලේ කරන කෙනෙක් !
එල් පි එල් එකෙත් ලකුණු ගැහුවා. ඇයි එහෙම නම් වර්ල්ඩ් කප් එකක් ලං වෙලා තියෙද්දි ඇන්ජි වගේ ජේෂ්ඨයෙක් සංචිතයට ගන්නේ නැත්තේ ?
චන්දිමාල් කොච්චර දේශීය පිටියේ දක්ෂතා අතර හිටියත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තාමත් අසාර්ථක ක්‍රීඩකයෙක් විතරයි. හැබැයි ඇන්ජි කියන්නේ ඩොමැස්ටික් ප්ලෙයර් කෙනෙක් නෙමෙයි. එයා ඉන්ටර්නැෂනල් ප්ලෙයර් කෙනෙක් !
ඉතිං ඇන්ජි වගේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ආයේ ගන්න අපි පරක්කු වුනා වැඩිද ?
තාමත් අපේ කන්ඩායමේ ඩොට් බෝල් ප්‍රශ්නෙට විසදුමක් නැහැ…
දඟ පන්දු යවන්නන්ට ක්‍රීඩා කරද්දි තාමත් අපි දුර්වලයි. විශේෂයෙන් පා දඟ පන්දු යවන්නන්ට ?
මොනවා නැතත් අපි ප්‍රමෝද්‍යට කොච්චර බැන්නත් දැන් අපි හැමෝටම ඉන්නවා මීලඟ වර්ල්ඩ් කප් එක ගහන්න ඕනි මේ අය කියලා හිතින් හදා ගත්ත කන්ඩායමක්. ඒ කන්ඩායම අද ඔබෙත් මගෙත් හිතේ ඉන්න වර්ල්ඩ් කප් ටීම් එක හුගාක් දුරට සමානයි. ඉතිං අද අපි හැමෝම එකම කන්ඩායමක් වර්ල්ඩ් කප් එක වෙනුවෙන් කියලා තෝරන්නේ මේ තේරිම් කමිටුව හරියට කටයුතු කරලා තියෙන හින්දා. අඩුපාඩු ඇති ! ඒත් වෙනදට අපි හිටියේ එක එක මත එක්ක. ඒත් අද අපිට එක කන්ඩායමක් හිතේ ඉන්නවා.
ඉතිං ප්‍රශ්න නැතුව නෙමෙයි.
පරාජයට වඩා අපිට හිතන්න ප්‍රශ්න තියෙනවා. තේරිම් කමිටුව වගේම මේ ක්‍රිකට් එක එක්ක සම්බන්ධ වෙලා ඉන්න අනිත් අය ගැනත්…
පහත් තැනින් යයි ගලා ජලේ වගේ හැමදේම තේරිම් කමිටුව පිටින් යවන්නේ නැතුව අපිට හිතන්න ප්‍රශ්න තියෙනවා.
වර්ල්ඩ් කප් එකට කලින් තියෙන්නේ අපිට ඕස්ට්‍රේලියාව එක්ක විස්සයි විස්ස තරග තුනක් සහ ආසියානු කුසලානය විතරයි. ඉතිං ඊට කලින් මේ ලියපු ප්‍රශ්නවලින් හුගාක් දේවල්වලට අපිට පිළිතුරු හොයා ගන්න අපිට සිද්ධ වෙනවා.
එහෙම නොවුනොත් ” මණ්ඩලේ තාමත් කචල් ” කියන්න තමයි අපිට සිද්ධ වෙන්නේ….










