යුක්රේන පළමු සාකච්ඡා වටය අවසන්

යුක්රේන පළමු සාකච්ඡා වටය අවසන්

රුසියාව සහ යුක්රේනය අතර පැවති සාම සාකච්ඡා අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම සාකච්ඡාවලදී එළඹුණු එකඟතා පිළිබඳව මෙතෙක් මාධ්‍ය වාර්තා පළවී නොමැත.

බෙලරූස් රාජ්‍යයේ මැදිහත් වීම මත මෙම සාම සාකච්ඡා ආරම්භ කෙරිණි.

යුක්රේනය නියෝජනය කරමින් ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සී රෙස්නිකොෆ් සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිකොලා ටොචිස්කී මෙම සාකච්ඡාවට සහභාගි වී තිබූ අතර රුසියාව වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෆොමින් සහ බෙලරූස්හි රුසියානු තානාපති බොරිස් ග්‍රිස්ලොෆ් ඊට සහභාගි වී තිබිණි.

Facebook
Twitter
LinkedIn