හිටපු ඇමැතිවරයකුගෙන් ජලයටත් ලොකු පොල්ලක්

හිටපු ඇමැතිවරයකුගෙන් ජලයටත් ලොකු පොල්ලක්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු එම ඇමැතිධූරයේ කටයුතු කළ සමයේ සිය නිල නිවෙස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජාතික ජල ජලසම්පාදන හා ජලා පවහන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචිමාර්ග පවසයි.

මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී පාවිච්චි කළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ජල බිල්පත්ය.

එම හිඟ ජල බිල්පත වහාම ගෙවන්නැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට පසුගිය කාලයේදී සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත් ඔහු ඒ මුදල මෙතෙක් ගෙවා නැතැයි ජාතික ජල ජලසම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් නැවතත් සිදු කිරීමට කටයුතු කරගෙන යන බව මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු වන අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු පරාජයට පත්විය.

මේ අතර දේශපාලඥයන්ගේ හිඟ ජල බිල්පත් වහාම අයකර ගැනීමට කටයුතු කරන්නැයි සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් එම ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn