රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නිදෝස් කොට නිදහස් කිරීමට එම අධිකරණය නියෝග කර තිබේ.
සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගිය 2015 වසරේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මෙම චෝදනා එල්ල වූයේ පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ සමයට අදාලවය.
1










