යුක්‍රේන සිවිල් ජනයාට අගනුවරින් ඉවත්වන ලෙස රුසියාව දන්වයි!

යුක්‍රේන සිවිල් ජනයාට අගනුවරින් ඉවත්වන ලෙස රුසියාව දන්වයි!

මේ වනවිට සතර අතින් යුක්‍රේනය වටලා ඇති රුසියන් හමුදාවට එරෙහිව දැඩි ලෙස ගරිල්ලා ප්‍රහාර වලට මුහුණ දීමට සිදු වෙමින් පවතින බව වාර්තා වේ. ඒ අතර රටවල් 58කින් යුක්රේන හමුදාවට හා ගරිල්ලා සටන්කාමින්ට ආධාර ලැබෙමින් පවතී. කෙසේ වෙතත් අද දවස වන විට දෙරට අතර සාම සාකච්ඡා බෙලෝරුසියාව හා යුක්‍රේන දේශසීමා අතරදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය. ඒ හා සමගාමිව සිවිල් මරණ සීමා කිරීමට හා යුක්‍රේන හමුදා විසින් ඔවුන් පලිහක් ලෙස යොදාගැනීම වැළැක්වීම සඳහා අගනුවරින් ඉවත් වන ලෙස රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලා සිටින බව මේ අතර වාර්තා වේ.

එ.ජා. සංවිධානයේ නවතම වාර්තාවන් අනුව යුක්‍රේන – රුසියා ගැටුමෙන් මේ වන විට සිවිල් වැසියන් 100 දෙනෙකු මියගොස් 304දෙනෙකු තුවාල ලබා ඇත. මෙම මරණ මීට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති අතර බොහෝ මරණ ගුවන්, රොකට් හා කාලතුවක්කු ප්‍රහාරවල ප්‍රථිපල විය හැකි බව එම වාර්තාව සඳහන් කරනු ලබයි. මේ අතර නේටෝ හමුදා යුද්ධයට ඍජුව සම්බන්ධ වී නොමැති වුවත් ඇමරිකානු යුධ උපදේශකයින් යුක්‍රේන හමුදා අතර සිටින බව බටහිර මාධ්‍ය සනාථ කර සිටි.

කෙසේ වෙතත් නේටෝ සමාජිකයින් යුක්‍රේන හමුදා සඳහා ආයුධ ලබා දෙමින් සිටින තත්වය තුල රුසියානු ජනාධිපති පුටීන් තම න්‍යෂ්ටික අවි බලඝණය සීරුවෙන් තබා ඇත. ඒ අතර ජර්මනිය විසින් 1945 සිට මේ දක්වා යුධ ගැටුම්වලට මැදිහත් වීමෙන් වැලකි සිටි ප්‍රතිපත්තිය අවසන් කරමින් රොකට් විදින 1400ක්, ස්ටින්ගර් මිසයිල 500ක්, මෝටාර් විදින යන්ත්‍ර 9ක් ලබා දී ඇති අතර තම හමුදා ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඩොලර් බිලියන 100ක් වෙන් කර ඇත.

පසුගිය පැය 24 තුල යුක්‍රේනයේ උතුරු බෙලෝරුසියාව පෙරමුණ තුල හා දකුණු ක්‍රිමියා පෙරමුණ තුළ සටන් බරපතළ මට්ටමින් සිදුවන බව පැවසේ. රුසියානු ආරක්ෂක ඇමති igor Konachenkov පවසන්නේ යුක්‍රේන buk M-1 හා S-300 ආරක්ෂක පද්ධතිය රුසියාව විසින් විනාශ කිරීමෙන් පසුව යුක්‍රේන ගුවන් හමුදාව සතු ප්‍රහාරක යානා 5ක් මේ වනවිට රුසියානු ප්‍රහාර හමුවේ විනාශ කරදමා ඇතැයි බවයි. මේ වනවිට යුකේනයේ ගුවන් බලය සම්පූර්ණයෙන්ම රුසියාව සතුව පවතින බවත්, යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් වන Berdiansk නගරය තමන් අත්පත් කරගෙන ඇති බවත් ඔහු පවසා සිටි. ඒ අතර නැගෙනහිර පෙරමුණේ රුසියාවට සහය දෙන යුක්‍රේන – රුසියානු බෙදුම්වාදීන් කිලෝමීටර් 19ක් තමන්ගේ ස්ථාන වලින් පෙරට භූමිය අල්ලාගෙන ඇතැයි ඔහු තවදුරටත් තහවුරු කරනු ලැබීය.

මේ අතර යුරෝපා සංගමය යුක්‍රේන ජනතාව පිළිගැනීමට තීරණය කර ඇත. මේ වන විට පෝලන්තයට පමණක් ලක්‍ෂ 3ක යුක්‍රේන ජනතාවක් පැමිණ ඇති බව වාර්තා වන අතර ඒ අතර පැමිණෙන අප්‍රිකානු කළු ජාතික ශිෂ්‍යයන්ට වැසියන්ට පෝලන්ත දේශසීමා ආරක්ෂකයින් විසින් ජාතිවාදී ප්‍රහාර එල්ල කර ඇති බවත් ඊට එරෙහිව නයිජීරියානු ජනාධිපතිවරයා තම විරෝධය පළකර ඇති බවත් වාර්තා වේ. එසේම යුරෝපා සංගමය විසින් ඩොලර් මිලියන 450ක් යුක්‍රේන හමුදා සඳහා වෙන්කර ඇතැයි පැවසේ. තවද යුක්‍රේන යුධ අනාථ ජනතාව වෙනුවෙන් තවකාලික වීසා බලපත්‍ර පමණක් ලබාදීමේ යුධකාමී තීරණය මානව අයිතිවාසිකම් සංවිධාන වල දැඩි විවේචනයට ලක් වී ඇත.

යුක්‍රේන හා රුසියානු සාම සාකච්ඡා වලදී යුක්‍රේන ජනාධිපතිවරයා සටන් විරාමයක් ඉල්ලා සිටින අතර එසේම රුසියානු හමුදා වලට ආයුධ බිම දමා යටත් වන ලෙස ඉල්ලා සිට ඇත. බාහිර යුධ නිරීක්ෂකයින්ගේ අදහසට අනුව යුක්‍රේනය යනු අතීතයේ සිටම දැඩි රුසියානු බලපෑමකට යටත් වූ රාජ්‍යයක් බවත්, රටින් 90%ක් පමණ රුසියානු භාෂාව කතා කරන ජනතාවක් වෙසෙන රටක් හා රුසියාවේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස ද හඳුනා ගෙන ඇති බවයි. එසේම ඇෆ්ගනිස්ථානයේ වැනි කඳු, කියුබාවේ සියරා මස්ත්‍රා වැනි දැවැන්ත කැලෑ නොමැති විවුර්ථ භූමින් ඇති රටක් හේතුවෙන් දීර්ඝ කාලින ගරිල්ලා යුද්ධයක් සිදු කල නොහැකි රටක් ලෙස පිළිගැනෙන අතර රට අභ්‍යන්තරය තුලම සිටින මිලියන 10ක ජනගහනයක් රුසියානු වීමත් හේතුවෙන් ඔවුන් භුමිය හොඳින් දන්නා පිරිසක් වීම මගින් සමස්ථ යුක්‍රේනය රුසියාවේ ග්‍රහණයට ලක් වීම කාලය පිලිබඳ ප්‍රශ්ණයක් පමණක් වන බව ඔවුන් තව දුරටත් පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn