පාස්කු ප්‍රහාර පළිබඳ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තව පාර්ලිමේන්තුවට ලබාදී නැහැ…

පාස්කු ප්‍රහාර පළිබඳ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තව පාර්ලිමේන්තුවට ලබාදී නැහැ…

ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ පාස්කු ප්‍රහාර පළිබඳ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තව නෙවන බවත් එහි තවත් කොටසක් ජනාධිපතිවරයා සන්තකයේ තබාගෙන සිටින බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කතානායකවරයාට භාර දුන් බවට පසුගියදා මාධ්‍ය වාර්තා පල වූ අතර එය ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ පල කර තිබුනේ “පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාරදෙයි” යන හිසිනි. ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ පවසන්නේ එම වාර්තාවේ අඩංගු ඉතා සංවේදී කරුණු ඇතුළත් තොරතුරු ප්‍රමණයක් ජනාධිපතිවරයා සන්තකයේ තිබෙන බවය.

ජාතික ආරක්ෂාවට වැදගත්වන නිසා එම තොරතුරු ජනාධිපතිවරයා තබාගෙන සිටින බවත් එය මහජනතාවට ප්‍රසිද්ධ කළ නොහැකි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Facebook
Twitter
LinkedIn