මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු නීති විරෝධී ලෙස අනවසරයෙන් ගලවා රැගෙනයමින් සිටි පොහොට්ටු පක්ෂයේ සංවිධායකවරයෙකුවන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවටගත් බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය සඳහන් කරයි.
වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට සූදානම් සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලීසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවටගෙන ඇතැයිද පොලිසිය පවසයි.
සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොහොට්ටු පක්ෂයේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සඳහා මෙම ගල් කණුව රැගෙන යන බවත් කටඋඋත්තර ලබාදෙමින් පොලිසිය සඳයට සඳහන් කර ඇත.
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්, ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවටගත් බවත් මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූයේ සැකකරුවන් කිසියම් ප‍්‍රදේශයක නිදන් හාරා පුරාවිද්‍යා ගල්කණු ලබාගෙන තිබේද යන්න විමර්ශන සිදුකරන බවය.
සැකකරුවන් විසින් රැගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත්, හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව, නොච්චියාගම, අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවද පැවසේ.














