පැය 04යි විනාඩි 40ක් අද විදුලිය කපයි

පැය 04යි විනාඩි 40ක් අද විදුලිය කපයි

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700ක ඌනතාවක් ඇතිවීම හේතුවෙන් අද (23) දිනයේ A, B සහ C යන කළාපවලට පැය 04යි විනාඩි 40ක්ද, සෙසු කළාපවලට පැය 04යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A, B සහ C කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය 02ක් සහ රාත්‍රී පැය 02යි විනාඩි 40ක් ලෙසද, සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ 02ක් සහ රාත්‍රී පැය 02යි විනාඩි 30ක් ලෙසද සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn