ඉන්ධන මිලෙහි වෙනසක් වන බව සම කැබිනට් ප්‍රකාශක කියයි

ඉන්ධන මිලෙහි වෙනසක් වන බව සම කැබිනට් ප්‍රකාශක කියයි

ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

එහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (22) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

ප්‍රශ්නය – නැවත වතාවක් තෙල් මිල ඉහළ යයි ද?

“දැනට පවතින තත්වයන් යටතේ, ලෝක තෙල් මිල විශාල පරිවර්තනයකට පරිවර්තනය වෙමින් තියෙනවා. විශේෂයෙන්ම යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් තියෙනවා.

ඒ තත්වය හරහා යම් පමණකට මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩුවක් විඳගෙන තමයි මේ ඉන්ධන ලබාදෙන්නේ කියන කාරණය ඔබ සියලුදෙනා දන්නවා. යම් පමණකට එවැනි වෙනස්වීමක් සිදුවෙන්නත් ඉඩතියෙනවා. ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා නැවත මුදල් අඩුවීමක් සිදුවුවහොත් ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි දැඩි ලෙස ඉන්නවා”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්