මේ වනවිට මහ කන්නයේ වී අස්වනු නෙලමින් පවතින කුඹුරුවල අස්වැන්න අඩු වීම සහ වියදම් ඉහළ යාම හේතුවෙන් සහල් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 200 ඉක්මවන බවට ගොවීහු ප්‍රකාශ කරති.
මෙතරම් විශාල වශයෙන් නිෂ්පාදන විදමක් වැය වීමට මූලික හේතුව වී තිබෙන්නේ වී ගොවිතැනට අවශ්‍ය නිසි පොහොර නොලැබීම නිසා විශාල වශයෙන් අස්වනු පහත වැටීමය. එසේම මේ වනවිට කම්කරු කුලිය දිනකට රුපියල් 2,300ක් දක්වා ඉහළ යාමත් අක්කරයක ගොයම් කැපීම සඳහා “සුනාමි” යන්ත්‍රයට රුපියල් 14,000ක මුදලක් ගෙවීමට සිදුවීමත් ඉන්ධන මිල ඉහළ යාමති හේතු වී තිබෙන බව ගොවීයෝ පෙන්වා දී තිබේ.
නමුත් ජනාධිපතිවරයා පසුගිය දවසක ප්‍රකාශ කර තිබුණේ පොහොර ඇතිව හෝ නැතිව ගොවීන්ගේ ආදායම දේගුණයක් කරන දෙන බවය. මේ වනවිට සිදු වී තිබෙන්නේ රට තුළ නිෂ්පාදනය විශාල වශයෙන් කඩාවැටී පිරිවැය දරාගත නොහැකි මට්ටමට ඉහළයාමයි. සහල් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 200ක් පමණ වන බව ගොවීන් පෙන්වා දීම අනුව පාරිභෝගිකයාට මිලදී ගැනීමට සිදුවන්නේ ඉතාමත් ඉහළ මුදලකටය.










