ආර්ථිකය ආයෙත් සෘණට වැටිලා..

පසුගිය වසරේ තුන්වෙනි කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සෘණ 1.5කින් කඩා වැටී ඇති බව අලුත්ම නිල වාර්තාවලින් හෙළි වේ.

එම වර්ෂයේ මුල් කාර්තුවේදී ධන 4.3ක් සහ දෙවන කාර්තුවේදී ධන 12.3ක් දක්වා ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලද නමුත් තුන්වන කාර්තුවේදී එය සෘණ 1.5 දක්වා පහත වැටී ඇති බවඑම වාර්තාවෙන් දැක්වේ.

මෙම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 18 වෙනිදා නිකුත්කරන ලද සතිපතා ආර්ථික දත්ත විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්