අරුන්දික ඉල්ලා අස්වෙයි

අරුන්දික ඉල්ලා අස්වෙයි

තමා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පවසයි.

පසුගිය දිනවල විශේෂ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දුගේ නම කියැවිණි. ඒ, රතු වරෙන්තු ලබා සිටි එතනෝල් ජාවාරම් කරුවෙකු මෙරටට පැමිණීමේදී ප්‍රභූ පර්යන්තය හරහා ආරක්ෂිතව රැගෙන යාම, ප්‍රියංකර ජයරත්න සමග එක්වූ ජන හමුවකදී ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව යම් විවේචනයක් නැගීම සහ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට එල්ල කළ මැර ප්‍රහාරයට ඔහුගේ පුතා ඇතුළු මැර පිරිසක් සම්බන්ධ වීම යන කරුණුය.

ඊයේ (02) රාගම වෛද්‍ය පීඨයේ සිදුවීමෙන් පසු අරුන්දික ප්‍රනාන්දුට සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දුන් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

Facebook
Twitter
LinkedIn