ජනාධිපතිට කෙලින්ම සම්බන්ධකම් කියන නිස්සංක සේනාධිපතිගේ මැරයන් රට හමුවේ නිරුවත් වී හමාරය. ඒ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බත්තර ප්‍රහාරයක් එල්ලකිරීමේදීය. ඒ උණුසුම මැකී යන්නටත් පෙර අදාල මැරයන් වතුපිටිවල රෝහලේ සිට අතුරුදහන් වී ඇති බව කියැවේ. පොලීසිය අඳ ගොළු බිහිරිය. අබ්බාගාතය.
එම නිරුවත් ප්‍රහාරයෙන් දින කිහිපකට පසු රාගම වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයට කඩා වැදුණු මැරයින් පිරිසක්ද ශිෂ්‍යයන්ට අතේ මාට්ටුවිය. මැරයින් පැමිණි පොල් සංවර්ධන මණ්ඩයේ වාහනයක් සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ රියදුරෙක් සිසුන් විසින් අල්ලාගෙන පොලීසියට බාරදුන්නෝය. එයට අදාල පොලිස් පරීක්ෂණ මේ දක්වා සක්‍රීයව ක්‍රියාත්මක වේ. අරුන්දිකට රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වන්නැයි ගෝටාබය දැනුම්දී ඇති බවට මාධ්‍ය වාර්තා පල වේ. ඒ අතර අරුන්දිකගේ පුතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතීඥයෙකු මාර්ගයෙන් රාගම පොලිසියට බාරවීමෙන් පසුවය.
මේ සිද්ධි දෙකටම අමතරව තවත් කුණු බිත්තර ප්‍රහාරයක් පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිපයේස නාගරික මන්ත්‍රීවරුන් වන පියා සහ දියණිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති. එම නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට ප්‍රහාරය එල්ලවී තිබේ.
මේ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පිළිබඳව ආසන්න දින කිහිපය තුළදී කරුණු වාර්තා වී තිබෙන්නේ එක නීතියක් එක රටක් ලෙස නොවේ. මුල්ම ප්‍රහාරය ජාතික ජන බලවේගය පක්ෂයටය. ප්‍රහාරයට පැමිණි කුලී මැරයන් පිළිබඳ වීඩියෝ දර්ශන සහ ඡායාරූපත් ඔවුන්ගේ සියලු අනන්‍යතා පිළිබඳ හඳුනාගැනීම් සිදුකර මාධ්‍ය මගින් ඒවා ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ජනතාව විසින් අල්ලාගත් එම පක්ෂයේ ක්‍රියාකාරිකයින් විසින් පොලීසියට බාරදී සිටි මෙම කුලී මැරයන් අත්අඩංගුවට ගෙන නොසිටි බව පොලීසිය ප්‍රකාශ කර තිබේ. පොලිස් භාරයට පත් කළ නිස්සංක සේනාධිපතිගේ කුලී මැරයන් පසුව වතුපිටිවල රෝහලේ නැවතී සිට අතුරුදහන් වී ඇතැයි මාධ්‍ය වාර්තා පල වේ.
අනික් ප්‍රහාර දෙක, එනම් රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම පිළිබඳ කඩිනම් පොලිස් පරීක්ෂණ පැවැත්වේ. කොළඹ නාගරික මන්ත්‍රීවරයාට පහරදීම සම්බන්ධයෙන්ද එසේමය.
රාගම වෛද්‍ය සිසුන් හට පහරදීම පිළිබඳ පරීක්ෂණ කොයිතරම් සක්‍රීයද යත් ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුතා පව අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීට මිරිස්කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ චෝදනා ලැබූ දෙදෙනාටද නීතිය ක්‍රියාත්මක වේ. රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ මේ නිසාය. ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ප්‍රහාර එල්ල කළ කුළි මැරයන් පොලිස් අත්අඩංගුවටවත් ගෙන නැත. ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අනික් ප්‍රහාර දෙකටම සම්බන්ධව වාහ ක්‍රියාත්මක වූ පොලීසිය මෙහිදී කෝඳුරු තෙල් සොයන්නේ “එක් රටක් එක් නීතියක්” ක්‍රියාත්මක වන නිසා බව පැහැදිලිය. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුවේදී පැවැත්වූ විරෝධතා රැලියට බිත්තර ගැසුවේද තමන් බව මෙම කුලී මැරයන් පිළිගෙන තිබියදී පරීක්ෂණ ඒ ආකාරයෙන් සිදුවීම විශේෂත්වයකි.
මෙම කරුණු තුනට අදාලව පොලීසියේ ක්‍රියාකාරිත්වය මේ ආකාරයෙන් වී තිබෙන්නේ ඇයිදැවි විමසා බැලීම අවශ්‍යය.
ප්‍රියංකර ජයරත්න සමග එක්වූ ජන හමුවකදී අරුන්දික ප්‍රනාන්දු ගෝටාබයගේ ආණ්ඩුව පිළිබඳව කෙඳිරිලි විවේචන නැගීය. ඊට අමතරව එතනොල් ජාවාරම් කරුවෙකු ගුවන් තොටුපොළේදී වීඅයිපී පිටවීමේ දොරටුවෙන් එළියට ගත් බව සනාත වී තිබේ. වඩාත්ම වැදගත් දේ වන්නේ පාස්කු ප්‍රහාරකයන් අල්ලා නොගැන්වීම පිළිබඳව ඔහු විසින් අප්‍රසිද්ධියේ කරණු ලබන විවේචනයන්ය. එවන් රාජ්‍ය ඇමතිට ඉල්ලා අස්වන ලෙස ගෝටාබය දන්වා ඇත. පොලීස් පරීක්ෂණද අකුරුටම ක්‍රියාත්මක වේ.
අනික් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීට මිරිස්කුඩු මිශ්‍ර ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ පොලීස් පරීක්ෂණවලට පූර්ණ නිදහස හිමිය. එසේ තිබියදී නිස්සංක සේනාධිපතිගේ කුලී මැරයන් මුළු රට හමුවේම නිරුවත්ව සිටියදීත් පොලිස් අත්අඩංගුවටවත් නොගැනීමට හේතු තිබිය යුතුය. ඒ හේතු මොනවාද?
ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වාගෙන ගිය, අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා දුන් මුහුදු ආරක්ෂක සේවය නිස්සංක සේනාධිපතිට දුන්නේ ගෝටාබය රාජපක්ෂය. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්කමේ බලතල උපයෝගී කරගෙනය. මේ නිසා නිස්සංක සේනාධිපති මූල්‍ය සහ අවි ජාවාරම් සරුවටම කරගෙන ගියේ මුහුදු ආරක්ෂක සේවයේ නාමයෙන්ය. එවැනි වූ ධන උල්පතකට මග පෑදූ මුහුදු ආරක්ෂක සේවය යළි නාවික හමුදාවට පවරා දෙනු ලැබූවේ රනිල්+මෛත්‍රී පාලනයේදීය. රනිල්+මෛත්‍රී පාලනයේ අවසාන භාගයේ යළි එය සේනාධිපති වෙත පැවරීමට පිඹුරුපත් සැකසුන අතර දැන් එය නැවතවරක් නිස්සංක සේනාධිපතිට පවරා දී හමාරය. ඒ ගෝටාබය රාජපක්ෂ සේනාධි නායක හා ආරක්ෂ ඇමතිලෙස සිටිමින්ය.
රටට ගලා ආ විදේශ විනිමය යළි හැරී යන්නේ නිස්සංක සේනාධිපති වෙතටය. ඒ විදේශ විනිමය සේනාධිපතිට පමණක්ද? ගෝටාබය රාජපක්ෂ මීයක් කඩා ඇත්තේ අත ලෙවකන්නටවත් නොවේද? එසේත් නැත්නම් ගෝටාබය රාජපක්ෂගේ මේ රටේ තිබෙන කුමන හෝ දේපළ බලා කියා ගන්නේ නිස්සංක සේනාධිපති නිසාද? යන ප්‍රශ්න මතු වී තිබේ. මුළු රට හමුවේම නිරුවත් වූ ඇවන්ගාඩ් කුලී මැරයන් පොලිස් අත්අඩංගුවටවත් නොගත්තේ මෙවැනි තර්කානුකුළ සැක සංකා රැසක් මතුකරමින්ය.










