ගෝඨාභය රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් මෙහෙයවන බව කියවෙන ‘දිවයින’ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත යොදවාගෙන බැසිල් රාජපක්ෂට බරපතල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ප්‍රධාන සහ සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්වී තිබේ.
මේ බව වඩාත් තහවුරු වූයේ ඊයේ (02) සවස බැසිල් රාජපක්ෂ විසින් හදිසියේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වූ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදීමට නොහැකි තරම් අසීරුතාවයකට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පත්වීමෙන් බව කියවේ. ‘දිවයින’ පුවත්පතට බැසිල් රාජපක්ෂ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී විදේශ විනිමය කළුකඩ කඩ ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම, 2006 – 2014 මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ රජය විදේශ විනිමය කළුකඩ ජාවාරම්කරුවන් සමඟ ගණුදෙනු කළ බව හෙළිකිරීම සහ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බව හෙළි කිරීම යනු කරුණු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මේ වනවිට පාරාවලල්ලක් වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර හට ගෙන තිබෙන ගැටීම අජිඩ් නිවාඩ් කබ්‍රාල් සහ බැසිල් රාජපක්ෂ දක්වා ව්‍යාප්තවී ඇති බව කතා බහට ලක්වී තිබේ. මුදල් ඇමතිවරයා වශයෙන් වගකීම් දරමින් සිටින බැසිල් රාජපක්ෂ අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ සමීපතම මාධ්‍යවේදියෙකුගේ දැළට හසුවීම දක්වා බරපතල මෙහෙයුමක් දියත් කර ඇති බවට නිරීක්ෂණ මාධ්‍යවේදීන් අතර කතා බහට ලක්වී ඇත. එහි බරපතලකම 02 වෙනිදා පැවැත්වූ මුදල් ඇමතිවරයාගේ මාධ්‍ය හමුවේ ද යළි මතුවී ඔහු තව දුරටත් අසීරු තත්වයකට පත්වු ආකාරය බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකට විය.










