ජාතික ජන බලවේගයේ ගම්පහ දිසා සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානයට මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි පොලිසිය පවසයි.
සිද්ධියට අදාල, ස්ථාන රැසක CCTV කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කර ඇති බවත් සිද්ධිය වූ ස්ථානයේ අවට 25ක පමණ පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.
බිත්තර ප්‍රහාරයට එල්ල කර පලාගිය සැකකරුවන් රැසක් හදුනාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියේ ජාතික ජන බලවේගය පක්ෂයේ පුද්ගලයකු සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත වී ඇති බවත් එම පැමිණිල්ල පමණක් නිට්ටඹුව පොලිසිය වෙත ලැබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ලංකාදීප
1










