ඉක්මන් ඡන්දයකට යනවා… ප්‍රචාරක රැස්වීම් 09 වෙනිදා පටන් ගන්නවා… බැසිල්

ඉක්මන් ඡන්දයකට යනවා… ප්‍රචාරක රැස්වීම් 09 වෙනිදා පටන් ගන්නවා… බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බවත් මේ මස 9 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි.

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට “පෞද්ගලිකව” තමාත් පොහොට්ටු පක්‍ෂයත් සූදානම් බවද ඔහු සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බවද පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බවද මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ පවසයි.

මේ මස 09 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බවද පළාත් පහක මැතිවැණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැළසුම් කර ඇතැයිද ඔහු අනාවරණය කරයි.

පොදුජන පෙරමුණේ කාන්තා සමිති ගම්මටම්න් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේ ආරම්භ කරන බවද මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු කාලය වසරකින් කල් දැමීමට පසුගියදා ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව කටයුතු කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn