රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුතා අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් පන්දුව පවසයි.
සැකකරු නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලිසියට පොලීසියට පැමිණ බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සැකකරුගේ තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (02) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුතා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










