පසුගිය 30 වනදා කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ සිටියදී ජනතාව විසින් අල්ලා පොලීසියට බාරදෙනු ලැබූ මැරයන් දෙදෙනා දින දෙකක් රෝහල් ගතව සිටි අතර මේ වනවිට ඔවුන් පොලිසියේ අනුදැනුම මත රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.
පොලිස් භාරයට ගත් මහගෙදර විජයආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න හෙවත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර සහ ආනන්ද බණ්ඩාර යන දෙදෙනා පොලිසිය වෙත රැගෙනගොස් කටඋත්තර ලබාගෙන පසුව ඔවුන් දෙදෙනා රෝහල වෙත යවා ඇත. වාර්තාවන ආකාරයට ඔවුන් අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ සිදු කර නැත.
සිද්ධියේ CCTV දර්ශන ලබා ගැනීම සඳහා පමණක් පොලිසිය අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද මේ අතර වාර්තා වේ.
මෙම ප්‍රහාරය සඳහා 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ සිටි අතර පොලිස් භාරයට ගත් දෙදෙනා ඇවන්ගාඩ් සමාගමේ ආරක්ෂක කටයුතුවල නිරතවූවන් දෙදෙනෙකු බවත් මහගෙදර විජයආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න හෙවත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර නැමැත්තා ඇවන්ගාඩ් සේනාධිපතිගේ ශරීරාරක්ෂකයෙකු බවත් මේ වනවිට හෙළිදරව් වී තිබේ.















