ගෝටාබයගෙන් දූෂණ විරෝධී කැබිනට් පත්‍රිකාවක්…

ගෝටාබයගෙන් දූෂණ විරෝධී කැබිනට් පත්‍රිකාවක්…

ශ්‍රී ලංකාවෙන් අල්ලස් හෝ දූෂණය තුරුන් කිරීම සඳහා දැනටක්‍රියාත්මක පනත් කිහිපයක් ඒකාබද්ද කොට අලුතින් නීති සැකසීම සඳහා ජනාධිපති විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එය නම් කර තිබෙන්නේ “ශ්‍රී ලංකාවෙන් අල්ලස් හෝ දූෂණ තුරන් කිරීම සඳහා සංගෘහිත පනතක් නීතිගති කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව” යනුවෙනි. එයට පසුගිය 11 වෙනි දින ජනාධිපති අත්සන් තබා ඇත.

එම කැබිනට් පත්‍රිකාවෙන් අල්ලස් පනත, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය, සහ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන සභා පනත යන පනත් ඒකාබද්ධ කිරීමට අනුමැතිය ඉල්ලා ඇත. එසේ ඒකාබද්ධ කොට දූෂණ විරෝධී පනතක් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතය.

වර්තමාන ජනාධිපති යටතේ වත්මන් ආණ්ඩුවට සීනි බදු වංචාව, පොල්තෙල් බදු වංචාව, සිගරැට් වංචාව, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වංචාව, කාබනික පොහොර – නැනෝ යූරියා සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් මහා පරිමාන වංචා හා දූෂණ චෝදනා එල්ල වී තිබෙන පසුබිමක මෙම නව නීති සම්පාදනය කිරීමට යෝජනා කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්