කෙරවළපිටිය ‘යුගදනවි’ බලාගාරය ඇමෙරිකාවට පැවැරීමේ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එහි කැඳවුම්කරු, වසන්ත සමරසිංහ හා ලංකා විදුලිබල සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් විසින් නීතිඥ සුනිල් වටගල මගින් පසුගිය 02දා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ඇත.
පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිඥ සුනිල් වටගල මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ යුගදනවි බලාගාරය පැවැරීමට එරෙහිව විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන කැබිනට් ඇමැතිවරුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ මෙය කැබිනට් මණ්ඩලයෙන් පිට සාකච්ඡා වූවක් බැවින් එම කාරණයම ගිවිසුම අහෝසි කිරීමට ප්‍රමාණවත් බවයි.
එය හරියට දායක සභාවේ සභාපතිම පන්සලේ පින් කැටය කැඩුවා වැනි සිද්ධියක් බවත් මෙය මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් බැවින් වහාම ගිවිසුම අහෝසි කරන ලෙසත් නීතීඥ සුනිල් වටගල වැඩිදුරටත් පැවසීය.










