“දැන්නම් මගේ නිගමණය මේ ගෝටාබය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර සඳහන් කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ සාකච්ඡා සභාවක් අමතමිණි.
නිදහසින් පස්සේ මහ ඔළමොට්ටල කැබිනට් එකක් තමයි මේකෙ තියෙන්නේ. හරක් රැලක් ඉන්නේ. සැබෑ අර්බූදය තිබෙන්නේ ආර්ථිකයේ අර්බූදය, දැන් ආණ්ඩුව දුවන්නේ මුදල් නෝට්ටු අච්චු ගහලා. බිලියන් 2000ක් විතර ගහල තියෙනවා දැන්. දැන් උපරිමයටම ඇවිල්ලා. ඩොලරුත් නැහැ. රුපියලුත් නැහැ. අපේ වාරික මුදල් අවුරුද්ධකට වරක් ගත්තු ණය ගෙවන්න ඕනා බිලියන් දෙකක්. ඒ ප්‍රමාණය තමයි සංචිතයේ තියෙන්නේ.
බදුසමාව දීත තියෙනවා 14 වතාවක්. මේ අර්බුදය, රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ. බේ බැසිල් රාජපක්ෂ ගෙනාවා එකක් 14වෙනි බදු සමාව දුන්නා. එතකොට මිනිස්සුන්ට වුවමනාවක් නැහැ එකවුන්ට්ස් පෙන්නන්න වැඩක් නැහැ. බදු සමාවක් හම්බවෙනවනේ. බදු සමා කියන්නේ මේ ගොල්ලෝ ඔක්කොම බජට් එක හදන්න ඉස්සෙල්ලා ගිහින් හම්බවෙලා කියනවා “ඉලෙක්ෂන් ෆන්ඩ් එකට (මැතිවරණ අරමුදලට) සල්ලි දුන්නා, ඒකට තමයි ගතමනාව අපි බෙදන්නේ” මොන ආණ්ඩුව බලයට ආවත්.
වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගික බද්ද 90%යි නැත්නම් 85%යි. අර අඩුවෙච්ච ඔක්කෝම අල්ලගන්නෙ දැන් පාරිභෝගිකයෝ; තමුන්නාන්සෙලා බඩු මිලදී ගැනිමේදි මාර්කට් එකෙන්.
දැන්නම් මගේ නිගමණය මේ ගෝටාබය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා. මේ බලන්න පහුගිය දවස්වල ගත්තු මෝඩ තකතීරු තීරණ. සීනි වංචාව, වී, හාල්, පොහොර, ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නය. එක පිට එක. මම හිතන්නේ සදාචාරාත්මකද, පේන්නේ නැද්ද, තේරෙන්නේ නැද්ද, කියල මම අහන්නේ.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවේ හවුල් කාර පක්ෂයකි.










