දුම්රිය දෙපාර්තමේන්තුවේ එක දුම්රිය සංඥා ස්ථානයක් දේශීයව ස්ථාපිත කිරීමට වැයවන්නේ රුපියල් මිලියන 15ක් පමණක් වුවත් විදේශීය සමාගමකින් දුම්රිය ස්ථාන 04ක සංඥා ස්ථානය ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 2200ක් වියදම් කර ඇතැයිද මෙම තත්වය නතර නොකරණ තුරු රටට ඉදිරියක් නැතැයිද මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ සම්මන්ත්‍රණ සභාවකදී අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්,
“දිගින් දිගටම හමදාම, හැම මාසෙම, පරිප්පු ටිකටයි, සීනි ටිකටයි, හාල් ටිකටි ණය වෙනවානම් ඒ කියන්නේ ඒ පවුලේ ආර්ථිකය පවත්වන්න බැහැ. ශ්‍රී ලංකා ආර්ථිකයට වෙලා තියෙන සරල කරුණ ඔන්න ඕක.
මේ රට ඇතුළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ එක දුම්රිය ස්ථානයක් සංඥාකරන්න රුපියල් මිලියන 15යි. මේ ස්ටේෂන් 04ක් සිග්නල් කරන්න මාතර ඉඳලා බෙලිඅත්තට විදේශ සමාගමකට කොන්ත්‍රාත් දුන්නා 2200ක් වියදම් කළා. දැන් ඕක තමයි අපේ අයවැයේ සඳහන් වෙන ගාන. අයවැය වාර්තාවේ ප්‍රාග්ධන වියදම විදිහට වාර්තා කරන්නේ කීයද 2200ය. ඒ 2200න් සැබෑ වියදම 160යි. හත්දෙයි හාමුදුරුවනේ අපි එහෙම අයවැය හදල වැඩක් තියෙනවද?
මේ රට ගොඩදාන්න ඕනනම් අංක එක, ජනාධිපතිලා තුන්දෙනෙකුට කියල තියෙනවා අපි මේ කතාව මේ රටේ වෙච්ච. මේ රටේ ජාතික ක්‍රම සම්පාදන කොමිෂන් සභාවක්, ස්වාධීන කොමසමක් විදිහට හදන්න ඕනා. ඒ කොමිෂන් සභාවේ අනුමැතිය නැති කිසිදු ව්‍යාපෘතියකට කොයි තරම් බලය තිබුණ ආණ්ඩුවක් වුනත්, කොයි තරම් බලය තිබුනත් ඇමතිලාට, ඒ වියදම කරන්න බැරිවෙන්න ඕනා.
අපි ජනතාවාදී අයවැයක් කියලා කතාකරලා අවසානෙදි සිදුවන්නේ අපේ රට උකස්වෙලා නවතින එක විතරයි. මම එකක් කියන්නම් අපේ රටවල් උකස්වෙනවා කියන්නේ අපේ අනාගත පරම්පාරාව ණය වෙනවා කිය්නනේ, ඒක අපිට අයිති වැඩක් නෙවෙයි. මේ රටේ ආණ්ඩු බලයට පත්වෙන්නේ අවුරුදු 05කට. හැබැයි ආණ්ඩු කරන වැඩවලින් රට උකස් වෙනවා අනාගත පරම්පාරව.
අපේ දේශප්‍රේමීන් කොච්චර කෑ ගැහුවත් රට ස්වෛරී, රට නිදහස්, ස්වාධීන රටක් ඒ කතාවල කිසි තේරුමක් නැහැ ආර්ථික ස්වෛරීත්වය අපි ලඟ නැත්නම්.”










