කාලගුණය අයහපත් – නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ මාතලේ, බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක 08ට පනවා ඇති නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

මේ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn