යුගදනවි විකිණීම ජනාධිපතිගේම වැඩක් ද?

යුගදනවි විකිණීම ජනාධිපතිගේම වැඩක් ද?

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගේ මැදිහත්වීමෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

ඊයේ (03) මේ සම්බන්ධයෙන් “යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව” යනුවෙන් ඔහු විසින් මෙහෙයවූ මාධ්‍ය හමුවක් පවත්වා ඇත. මෙහිදී සාකච්ඡා කළ කරුණුවලට අදාළව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් පවා නිකුත් කර තිබේ. “යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනගි අවස්ථාවක් – විදුලිය බලධාරීහු පෙන්වා දෙති” යනුවෙන් එම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

විදුලි පාරිභෝගිකයන් හට අඩු මිලට විදුලිය ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය අත්‍යාවශ්‍ය බව එම මාධ්‍ය හමුවට එක්වී අදහස් දැක්වූ විදුලිය බලධාරීන් පෙන්වාදී තිබේ. මේ ආකාරයටම අඩුමිලට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ගල් අඟුරු බලාගාර පිහිටවූ සමයේදීද අදාළ බලධාරීන් කරුණු දක්වා තිබිණි. නමුත් මේ වන විට විදුලි බල මණ්ඩලය අති විශාල ණය බරකට හෙළා විදුලි බිලද විශාල වශයෙන් ඉහල දමා තිබේ.

ජනාධිපති මාධ්‍ය නිවේදනය

Facebook
Twitter
LinkedIn