කොවිඩ් තාක්ෂණ කමිටුවෙන් තවත් සාමාජිකයෙක් ඉවත් වෙයි

කොවිඩ් තාක්ෂණ කමිටුවෙන් තවත් සාමාජිකයෙක් ඉවත් වෙයි

කොවිඩ් මර්දන විශේෂඥ තාක්ෂණ කමිටුවේ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

එම කමිටුවෙන් ඊයේ (07) විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද ඉල්ලා අස්වී තිබිණි.

මේ වන විට එහි දෙවැන්නා වශයෙන් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ඉවත්වී තිබේ.

එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂඥ නිර්දේශ නොතකා ආණ්ඩුව ගෙන යන අත්තනෝමතික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වගකිය නොහැකි බව දක්වමින් එම ඉල්ලා අස්වීම් සිදුකර තිබේ.

ඡායාරූපය – https://ceylonnewsfactory.com වෙතින්

Facebook
Twitter
LinkedIn