බැසිල්ගේ සංඛ්‍යා ජිල්මාට් මෙන්න

බැසිල්ගේ සංඛ්‍යා ජිල්මාට් මෙන්න

මෙම වසරේ ලැබිය යුතු රාජ්‍ය ආදායමෙන් රුපියල් කෝටි 150,000 – 160,000 අතර ආදායම් ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා අහිමිවී ඇති බව මුදල් ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ජනතාව නොමග යවන බව නිල සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වේ.

ඇමතිවරයා කළ ප්‍රකාශය දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙන්නේ “මෙම වසරේ අපට ලැබිය යුතු ආදායමෙන් අද වන විට බිලියන 1,500 – 1,600 අතර ප්‍රමාණයක් අපට අඩුවී තිබෙනවා. මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන තුනකින් අපට ප්‍රධාන වශයෙන් ආදායම් ලැබෙනවා.” යනුවෙනි.

එහෙත් මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අනුව හෙළිවන්නේ පසුගිය වසරේ රජයේ ආදායම සහ ප්‍රධානවල එකතුව රුපියල් කෝටි 137,130ක් බව ය. එසේම කොවිඩ් වසංගතය පැමිණීමට පෙර 2019 වසරේදි එය රුපියල් කෝටි 189,880ක් වි තිබිණි. මෙම දත්තවලින් පැහැදිලි වන්නේ කොවිඩ් වසංගතය නිසා මෙම වසරේ රජයේ ආදායම මේ වන විට රුපියල් කෝටි 150,000කට වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බව මුදල් ඇමතිවරයා කරන ප්‍රකාශය සත්‍යයක් නොවන බවය.

රුපියල් බිලියනයක් යනු කෝටි 100කි.

Facebook
Twitter
LinkedIn