බැසිල් පටන්ගෙන තිබෙන්නේ ම කෝටි 8ක ගේමකින්

බැසිල් පටන්ගෙන තිබෙන්නේ ම කෝටි 8ක ගේමකින්

ඩොලරයක වාණිජ බැංකුවල විනිමය අනුපාතය රුපියල් 230ක් වී තිබියදී ලාෆ් ගෑස් සමාගමට රුපියල් 203 බැගින් නිකුත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහජන බැංකුවට නියෝග කිරීමෙන් රුපියල් මිලියන 78කට වැඩි අලාභයක් එම රාජ්‍ය බැංකුවට සිදු කර ඇති බව අනාවරණය කෙරිණි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති කළු සල්ලි සුදු කිරීම පිළිබඳ පනත් කෙටුම්පත විවාදයේදී මේ බව විශේෂයෙන් සඳහන් කරනු ලැබීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් හෙළි කරනු ලැබුවේ ලාෆ් ගෑස් සමාගමේ ගිණුම පවා මහජන බැංකුවේ නොතිබියදී මෙම නියෝගය කර ඇති බවයි. ඩොලර් මිලියන 5.9ක් එම ගෑස් සමාගමට රුපියල් 203 බැගින් ලබා දෙන ලෙස නියෝග කර තිබුණද, බැංකුවෙන් ඩොලර් මිලියන 2.9ක් පමණක් ලබා දී ඇති බව හෙළි කළේය. මේ අනුව බැංකුවට එක් ඩොලරයකින් රුපියල් 27/-ක අලාභයක්, ඩොලර් මිලියන 2.9ක් වෙනුවෙන් රුපියල් මිලයන 78.3ක මුලු අලාභයක් සිදුකර ඇත.

Facebook
Twitter
LinkedIn