දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග දීමේ බලය ජනාධිපතිගේ ආරක්ෂක ප්‍රධානියාට ඇති බව තහවුරු කරයි

දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග දීමේ බලය ජනාධිපතිගේ ආරක්ෂක ප්‍රධානියාට ඇති බව තහවුරු කරයි

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ලෙස පත්කර සිටින ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් ජනරාල් පියසිරි නිවුන්හැල්ලට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියෝග ලබාදීමේ පූර්ණ බලය ඇති බව තහවුරු කරයි.

අද (07) ජනාධිපති නිල වෙබ් අඩවියේ පළ කර තිබෙන මාධ්‍ය නිවේදනයකින් මෙය තහවුරු කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට “උපදෙස් දීමේ පූර්ණ බලතල” යනුවෙනි.

එම මාධ්‍ය නිවේදනයෙන් අදාළ කරුණ සම්පූර්ණයෙන් අවධාරණය කර තිබෙන්නේ “ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂය අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දිය නොහැකි බව ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම වැරදි සහගතය. මහජන ආරක්ෂක ආඥා පනතේ 5වන වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමේ පූර්ණ බලතල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඇති බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.” යනුවෙනි.

ජනාධිපති මාධ්‍ය නිවේදනය මෙතනින්

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්