මුදල් පනතට සංශෝධන කිහිපයක් එකතු කිරීම සඳහා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මගහැර ගොස් ඇති අතර මේ නිසා වැඩි ඡන්ද 90කින් එම පනත සම්මත වී ඇත.
එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ 44ක් පමණි. මේ අනුව ඊයේ හදිසි නීතිය සම්බන්ධයෙන් විපක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 7අද පාර්ලිමේන්තුවේදී කළු සල්ලි සුදු කිරීමේ පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කර නැත.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 134ක් ලැබී තිබෙන්නේ හදිසි නීතිය පැනවීම අනුමත කරමින් ඊයේ ලැබුණු ඡන්ද 132ට වඩා වැඩි ඡන්ද දෙකක් (02)ක් ලැබී ඇත.
0










