සජිත්ගේ පිරිසක් ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

සජිත්ගේ පිරිසක් ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයා වෙත අසීමිත බලතල පවරා ගැනීම අනුමත කරමින් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඡන්දය පාවිච්චි කර ඇත.

එම මන්ත්‍රීවරුන් වන්නේ මේ වන විටත් ආණ්ඩුවට එකතු වී කටයුතු කරන ඩයනා ගමගේ, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද් කුමාර්, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මහජන කොන්ග්‍රස් පක්ෂයෙන් සමගි ජන බලවේගයෙන් තරඟ කර තේරී පත්වූ එම්. එම්. මුෂාරෆ් යන සිවු දෙනාය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු මේ වන විට විදේශ ගතවී ඇති බව එම ඡන්ද විමසීමේදී තහවුරු වී ඇත. එම මැති ඇමතිවරුන් වන්නේ ජීවන් තොන්ඩමන්, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සී.බී. රත්නායක, ප්‍රසන්න රණතුංග, අරුන්දික ප්‍රනාන්දු සහ තාරක බාලසූරිය යන 6 දෙනා ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්