මිනිස්සු කැසිල්ලට පාරට බැස්සේ නෑ – අනුර පාර්ලිමේන්තුවේදි

මිනිස්සු කැසිල්ලට පාරට බැස්සේ නෑ – අනුර පාර්ලිමේන්තුවේදි

මුදල් පනත සංශෝධනය කිරීම පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක “මිනිස්සු කැසිල්ලට පාරට බැහැලා නෑ” යනුවෙන් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විවාදයට එක්විය.

වරාය ජැටිය විකිණීමට එරෙහිව උද්ගෝෂණ පැවැත්වීම, ගොවීන්ට නිසි යෙදවුම් ලබා නොදීම පිළිබඳ උද්ගෝෂණ, පරිසරය විනාශ කරමින් කොම්පැනිකාරයන්ට ඉඩම් ලබාදීමට විරුද්ධව උද්ගෝෂන කිරීම සහ ගුරුවරුන්ගේ සාධාරණ අයිතීන් දිනා ගැනීමට උද්ගෝෂණය කිරීමට සිදුවීම වැනි තත්වයන් ආණ්ඩුව විසින් නිර්මාණය කර දුන් බවද, මේ හේතු නිසා ජනතාව පාරට බැස උද්ගෝශනය කළ බව පෙන්වා දෙනු ලැබීය.

අද වෙනවිට පවතින ආර්ථික අර්බුදයට මෙතෙක් රට පාලනය කළ දේශපාලඥයන්ගේ අනිසි මැදිහත්වීම ප්‍රධාන වශයෙන්ම හේතු වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ලාෆ් ගෑස් සමාගමට ඩොලර් මිලියන 2.9ක් ඩොලරය රුපියල් 203/- බැගින් ලබා දෙන ලෙස මුදල් ඇමතිවරයා මහජන බැංකුවේ සභාපතිට බලපෑම් කර තිබීම ආසන්නතම නිදර්ශණය බව හෙළි කළේය.

මුදල් පනත සංශෝධනය කිරීම මගින් දේශීය හා විදේශීය වශයෙන් වත්කම් සඟවා තිබෙන ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කිරීමේ අවස්ථාව උදාකර ගන්නා බවට චෝදනා නැගීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්