ශ්‍රි ලංකා කකණ්ඩායමත් සංචාරක දකුණු අප්‍රිකානු කකණ්ඩායමත් අතර පැවැත්වෙන තීරණාත්මක අවසාන එක්දින තරගය අද (07) ප.ව 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිත ය. මේ වනවිට කකණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර ඇති බැවින් මෙය කණ්ඩායම් ද්විත්වයටම තීරණාත්මක තරඟයක් ය.
ශ්‍රි ලංකා පුහුණුකරු මිකී ආතර් සදහන් කළ ආකාරයට අද තරඟයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවෙනු ඇත. ඒ අනුව දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට කැදවන්නට වැඩි ඉඩක් ඇති අතර මහේෂ් තීක්ෂණ සහ කමිදු මෙන්ඩිස්ද ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ඇත.
ඒ අනුව අද තරඟයට ශ්‍රි ලංකා කකණ්ඩායම වෙනස්කම් දෙකක් හෝ තුනක් සිදු කරමින් ක්‍රීඩා කරන්නට වැඩි ඉඩක් ඇත.
මෙය ශ්‍රි ලංකා කකණ්ඩායමට ඉතා සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර වසර ගණනකට පසු අයි.සී.සී එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානයන් පහ තුළ සිටිනා කණ්ඩායමක් පරාජය කර ශ්‍රි ලංකා කකණ්ඩායම තරඟාවලි ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ බොහෝ කලකට පෙරය.
එම නිසා ඉදිරියට ඇති ලෝක කුසලාන තරඟාවලි සඳහා ධනාත්මක මනසකින් ක්‍රීඩා කිරීමට මේ තරඟයේ ජයග්‍රහණය ශ්‍රි ලංකා කකණ්ඩායමට බොහෝ සෙයින් වටිනාකමක් ඇත.
තරගය අද (07) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත ය.










