කබ්‍රාල්ගේ හොරයක් හෙළිවේ

කබ්‍රාල්ගේ හොරයක් හෙළිවේ

මහ බැංකු අධිපති ධුරයට විශ්‍රාම වැටුප් ලබාදිය යුතු බව අජිත් නිවාඩ් කබ්‍රාල් ඇමතිවරයා ආණ්ඩුවට බලපෑම් කර තිබෙන්නේ ඔහු නැවත වරක් එම ධුරය බාර ගැනීමේ පූර්ව කොන්දේසියක් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරක් සඳහා යාමට සුදානම්වන බවත් එයින් පුරප්පාඩු වන තනතුර සඳහා අජිත් නිවාඩ් කබ්‍රාල් පත්ව යාමේ සූදානමකින් පසුවන බවත් මාධ්‍ය වාර්තාවලින් හෙළිවේ.

තමා 2006 සිට 2014 දක්වා කාලය තුළ මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කිරීමට අදාළව විශ්‍රාම වැටුපක් ලබාදිය යුතු බව ආණ්ඩුවට යෝජනා කර තිබේ. ඒ අනුව එම වරප්‍රසාදය ලබා ගෙන මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එම තනතුර බාර ගැනීමට ඔහු සූදානම් බව හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්